Instructor

Charitha Nagasinghe (BSc)

University of Colombo

077-755-7202

Science for Technology

විෂයෙහි අන්තර්ගතය

ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, ම ූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර්ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග යන කොටස් මෙම විෂයේ අන්තර්ගතයන් වෙනවා.


More information

තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව ප්‍රධානම විෂය ලෙස හඳුන්වා දී තිබෙන අතර මෙම විෂය අනිවාර්යෙන් හැදෑරිය යුතුය. ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයන්ට ගැලපෙන සේ විද්‍යාව ගණිතය හා තොරතුරු තාක්ෂණය යන ක්‍රෂේත්‍රවල විෂය සංකලනයක් වේ. තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය අන්තර්ගතය මගින් ලැබෙන දැනුමෙන් තාක්ෂණික පද්ධතියක ගැටලු විසදීමට අවශ්‍ය විද්‍යාත්මක, ගණිතමය හා තොරතුරු තාක්ෂණික පසුබිම සැපයේ.